නවතම පුවත්

ගෝඨාභය අදත් අධිකරණයේ – විදෙස්ගත වෙන්න අවසර ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) මෝෂමක් ගොනු කරමින් විදේශ ගත වීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයෙන් ඉල්ලීමක් සිදුකරන තිබෙනවා.

මේ මස 09 වැනි දා සිට 12වැනි දා අතර කාලය තුළ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීමට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැවින් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටියා.

මෙම ඉල්ලීමට විරුද්ධ නොවන නමුත් අවශ්‍ය වෛද්‍ය සහතික පරිශීලනය කිරීමට කාලය අවශ්‍ය බැවින් මෙම ඉල්ලීම ඔක්තෝබර් මස 03 කැදවීමට නීතිපතිවරයා ඉල්ලා සිටියා. ඒ අනුව මෙම ඉල්ලීම ඔක්තෝබර් මස 03 වැනි දා කැදවීමට දින නියම කරන ලදී.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ පවතිනවා.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරනයේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික විරොධතා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් ගොනු කර ඇති අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (01) කැදවීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්