නවතම පුවත්

වත්මන් ආණ්ඩුවේ වංචා ගැන පැමිණිලි 1300ක්

අසංක

අසංක

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනපති විමර්ශන කොමිසමේ නිල කාලය ඊයේ මැදියම් රැයෙන් අවසන් විය.

මේ වනවිට , රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි 1343 ක් ලැබුණු බව
ජනාධිපති කොමිසම සඳහන් කළේය

ඉන් 137 ක් පොලිස් ඒකකය විසින් විමර්ශනයට ලක් කරනු ලැබූ අතර, පැමිණිලි 22 ක් කොමිසම හමුවේ විභාගයට ගැනිණ.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද කැඳවනු ලැබී ය.

වත්මන් රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම පසුගිය 26 වනදා ජනාධිපතිතුමාට භාර දුන්නේ ය.

ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතායි.

එහි සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ්‍ය ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි