නවතම පුවත්

ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාද තවම කිසිම තීරණයක් නෑ.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

“පවුලේ පොඩි සාදයක් තිබුණා. ඒකේ කතා කළේ නෑ (ජනපති අපේක්ෂකත්වය). පවුල් එකතු වෙන්නේ නැත්ද? එකනේ මට තිබෙන ලොකුම චෝදනාව ‘සහෝදර සමාගම’. දැන් අපේ ප්‍රධානියා චමල් රාජපක්ෂ මහතා එතුමා කැඳවනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා එනවා කියලා තිරණයක් ගත්තේ නෑ. බැසිල් මහත්තාය එනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා. චමල් එනවා කියනවා. පවුලේ එක එක්කෙනා ගැන ලොකු ලොකු මතවාද ආවා. බැසිල් කිව්වා මම නම් එන්නේ නෑ කියලා.

තාම මම දිනන්න පුළුවන් කෙනා හොයනවා. තාම එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපේ අපේක්ෂකයා තීරණය කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා