ගෝඨා-මෝදි හමුවෙති

Picture of අසංක

අසංක

ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි.

තව ස්වල්ප වේලාවකින් දෙදෙනාම ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට ද නියමිත ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි. 

ජනාධිපතිවරයා හෙට දිනයේද වැඩසටහන් කිහිපයකට සහභාගී වී නැවත දිවයිනට පැමිණෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඒකාබද්ධ ප්‍රකාශය වෙනුවෙන් සූදානම් කළ ස්ථානය
ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සමග