ගෝලීය අවශ්‍යතාවයටද සරිලන ලෙස එන්නත් නිපදවීමට ඉන්දියාව ඉදිරියටත් සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතයට එරෙහි ගෝලීය සටන වෙනුවෙන් ඉන්දියාවේ පූර්ණ සහය ලැබෙන බවත් ඒ අනුව ඉදිරියටත් තම රටේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත් ගෝලීය වශයෙන්  බෙදාහැරීම සිදුකරන බවත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටී .

මේ වනවිටත් ලොව පුරා රටවල් 85ක් වෙත කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 65කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට ඉන්දීයාව පියවර ගෙන ඇති බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසීය .

එසේම ශ්‍රී ලංකාවටද මේ වනවිටත් එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් ලබාදීමට ඉන්දියාව කටයුතු කර ඇති බවද  ඔහු පැවසීය .

ඉන්දියාව,  ලොව විශාලතම කොවිඩ් එන්නත් නිෂ්පාදකයා වන අතර , මේ අනුව ගෝලීය අවශ්‍යතාවයටද සරිලන පරිදි එන්නත් නිෂ්පාදනය සඳහා ඉන්දියාව පියවර ගෙන ඇති බවද එතෙම පැහැදිලි කළේය .

කෙසේවෙතත් මෙම එන්නත් සැපයුමට , නිෂ්පාදනය හා දේශීය අවශ්‍යතාවය යන කරුණු බලපාන බවද ඔහු පැවසීය

 

\