ගෝලීය ආර්ථිකය දරුණු අවපාතයකට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලෝකය වසර 90 කට පසුව මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා සිටි.

ඒ අනුව මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත

1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මෙවැනි ආර්ථික අර්බුදයක් මීට පෙර මතුවී නොමැති බවද මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්එළඹෙන 2021 වර්ෂයේදී ද ගෝලීය ආර්ථිකයේ යම් නැගී සිටීමක් ඇති වනු ඇති බවද එහිදී අනුමාන කර ඇත

මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවන ආර්ථික කඩා වැටීම හේතුවෙන් ලොව පුරා මිලියන 500 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට පත්වෙනු ඇති බව ඔක්ස්ෆෑම් සංවිධානය අනතුරු අඟවා සිටි