ගෝලීය උණුසුමත් ශ්‍රී ලංකාවට තර්ජනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

ගෝලිය උණුසුම ඉහළයාම හේතුවෙන් ඇතිවිය හැකි පාරිසරික හානිවලින් ශ්‍රී ලංකාව වැනි රටවල්වලට බලපෑම් එල්ලවීම ඉහළ මට්ටමක පවතින බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් දේශගුණික විපර්යාස වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර රැසක්ගෙන ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ගෝලීය උණුසුම ඉහළයාම මගින් ඇතිවිය හැකි පාරිසරික හානිවලින් වැඩි බලපෑමක් දූපත් රාජ්‍යයන්ට සිදුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද අන්තර් රාජ්‍ය කමිටුව සිය වාර්තාවකින් පෙන්වාදී තිබුණි.