නවතම පුවත්

චන්ද්‍රිකාගෙනුත් අහලා එල්ටීටීඊ සිරකරුවන් 8කට දුන් ජනපති සමාව

අසංක

අසංක

දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා ඇත.

දෙමළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඊට ප්‍රථම ඔවුන් පිළිබඳව පූර්ව තොරතුරු අධීක්ෂණයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කර ඇත. එම එකඟතා වාර්තාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් හා ඔහු මගින් නීතිපති වීමසීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

මෙම දෙමළ සිරකරුවන් අතරින් තිදෙනෙක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකි.

ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් විමසා එම එකඟතාවය ද සහිතව නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකසා ඇත.

ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ රැඳවියන් 04 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

තවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දෙමළ රැඳවියන් ‍දෙදෙනෙකු ඔවුන් විසින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති නඩු එම රැඳවියන් විසින්ම ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත අතර තවත් දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව යටතේ නුදුරේදීම නිදහස හිමිවීමට නියමිතය.

වසර 30ක සිර දඬුවම් හිමිව වසර 22ක් දඬුවම් විඳ ඇති සිරකරුවන් තිදෙනෙකු, වසර 11ක සිර දඬුවම් හිමිව දැනට වසරක් 14ක් සිර දඬුවම් විඳි එක් අයෙක්, වසර 10ක සිර දඬුවම් හිමිව එහෙත් වසර 14ක් බන්ධනාගාරගතව සිටි එක් අයෙකු, වසර 05ක සිර දඬුවම් කාලයක් වෙනුවෙන් වසර 14 ක් බන්ධනාගාරවගතව සිටි දෙදෙනෙකු සහ වසර 19ක සිර දඬුවම් හිමිව මේ වන විට වසර 11ක් බන්ධනාගාරව සිටි එක් අයෙකු මේ අතර වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්