නවතම පුවත්

විදුලි බිල තවත් ඉහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිලට එක්වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. සියයට 2යි දශම 5ක් වන එම බද්ද රජය විසින් පනවනු ලැබුවේ මේ මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව මෙම මස පළමුවනදා සිට ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය මිලදී ගන්නා සියලු පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද අය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.

මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කළ බැවින් විදුලි පරිභෝජනය අදාළ බද්දෙන් නිදහස් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අදාළ බද්දට යටත් වන බව මුදල් අමාත්‍යාංශය විසින් දන්වා ඇති බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්