චම්පිකයි, කුමාරයි එකතුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකය සහ නව ලංකා නිදහස් පක්ෂය එකඟතාවකට පැමිණ තිබෙනවා.

43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුවා.

ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු නව දේශපාලන බලවේගයක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බවයි.