යාපනය චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරයක් කර තිබේ. ඒ ඔහු නීතිවිරෝධි මත්පැන් ජාවාරමකට එරෙහිවීම හේතුවෙන් බව වාර්තා වේ.
ඊයේ වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගතව ඇත.
මන්ත්‍රීවරයාට එල්ලවුණු ප්‍රහාරයෙන් පසු ඔහු කණ්ඩායමක් සමග ගොස් ඔහුට පහරදුන් පිරිසටද පහරදී ඇතැයි පොලීසිය කියයි.
මෙම ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත