නවතම පුවත්

චීනයට අභියෝග කෙරෙන පනතක් , ඇමෙරිකාවේදී සම්මතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ ක්‍රියාකාරකම් තරගකාරී ලෙස අභියෝගයට ලක්කිරීම සදහා ඇමරිකානු නායකත්වයට බලය හිමිවන ආකාරයේ නව නීති ඇතුළත් පනත් කෙටුම්පතකට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත .

මෙම නව පනත් කෙටුම්පත නම් කර ඇත්තේ COMPETE හෙවත් ඇමරිකානු අභියෝග ජයගැනීමේ පනත 2022 ලෙසිනි

මෙමගින් අන්තර්ජාතික සමුළුවලදී , සාකච්ඡාවලදී සහ ගැටලුවලදී ඇමරිකාවට එල්ලවන අභියෝග ජයගැනීම සදහා කඩිනම් සහ ක්ෂණික තීන්දු තීරණවලට එළඹීමට අවශ්‍ය බලය ඇමරිකානු නායකත්වය වෙත ලබාදී තිබෙ.

ජාතික ආරක්ෂක, මූල්‍ය ආරක්ෂාව ,අභ්‍යවකාශ ක්ෂේත්‍රය, ආදි තීරණාත්මක් ක්ෂේත්‍රවලදී ඇමරිකාවේ බලය සහ ශක්තිය ඉහළ නැංවෙන සහ ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට මෙම නව නීතිය මගින් පහසුකම් සපයන බව ද සදහන්වේ .

ඇමරිකානු නිෂ්පාදන ඉහළ නැංවීම, සැපයුම් පද්ධතිවල පවතින දුර්වලතා ජයගැනීමට කටයුතු කිරීම, චීනය විසින් බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉරානය සහ රුසියාව සමග පවත්වන සබදතා අධ්‍යයනය කිරීම ආදි කටයුතු ගණනාවක් සදහා මෙම නව නීතිය මගින් ඩොලර් බිලයන ගණනක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්