නවතම පුවත්

චීනයට පසු වැඩිම කොරෝනා ආසාදිතයින් ඉතාලියේ

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් පසුව ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට මේ වන විට පත්ව ඇත්තේ ඉතාලියයි.

ඉතාලියේ කොරෝනා වෛරසය පැමිණ ඇති බවට හඳුනාගෙන මේවනවිට ගතවී ඇත්තේ දින 16ක් පමණක් වුණත් මේ වනවිට ලොව දෙවැනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 9172ක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.

මරණ 463ක් වාර්තා වූ ඉතාලියේ කොරෝනා රෝගීන් 724ක් සුවවී තිබේ.

පැය 24ක් තුළ ඉතාලියේ 100 කට කොරෝනා ආසාදනය වීම බරපතළ තත්ත්වයක් බව එරට රජය පෙන්වා දෙයි.

මේ වන විට මුළු රටටම ඉතාලි රජය විසින් යම් යම් සීමා පනවා ඇත.

උතුරු ඉතාලිය මුළුමනින්ම වසා දමා තිබේ. එලෙස යාම අවහිර කර ඇති පළාත් පහත දැක්වේ.

  • ලොම්බාර්ඩි කලාපය (සියලුම ප්‍රදේශ)
  • පීඩ්මොන්ට් (ඇලෙස්සැන්ඩ්‍රියා, ඇස්ටි, නොවරා, වර්බානෝ කුසියෝ ඔසෝලා, වර්සෙලි)
  • වෙනෙටෝ (පාදුවා, ට්‍රෙවිසෝ, වැනීසිය)
  • එමිලියා රොමග්නා (මොඩෙනා, පර්මා, පියසෙන්සා, රෙජියෝ එමිලියා, රිමිනි)
  • මාර්චේ (පෙසාරෝ උර්බිනෝ පළාත)

වෘත්තීය හා හදිසි කාරණා හැර වෙනත් කිසිවකට පිටත යාම තහනම් කර තිබේ.

ඉතාලියේ වෙසෙන්නන් කිසිවකුට උණ රෝගය හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් සෙල්සියස් අංශක 37.5 හෝ ඊට වඩා වැඩි උෂ්ණත්වයක් තුළ සිටිය යුතු බවට උපදෙස් දී ඇත. එමෙන්ම සියලුම සමාජ සබඳතා අත්හිටුවන ලෙසත් ‘නිවසටම වී සිටින ලෙස’ රජය උපදෙස් දී තිබේ.

ඉතාලියේ සියලුම පාසල් විශ්වවිද්‍යාල වසා දමා ඇත.

අවන්හල් විවෘත කොට තැබිය හැක්කේ උදේ 8ත් සවස 6 දක්වාත් පමණි.

එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද ඉරිදා දිනයේ මිලානො අතහැර අවසාන දුම්රියෙන් රෝමය වෙත පිටත්ව ගොස් තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්