නවතම පුවත්

මහඡන්දෙට දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ අයට නාමයෝජනා එපා

අසංක

අසංක

එළඹෙන මැතිවරණයේදී දුම්කොළ මධ්‍යසාර හෝ වෙනත් කිසිදු මත්ද්‍රවය කර්මාන්තයක් සමග කුමනාකාරයේ හෝ සබඳතාවක් ඇති පුද්ගලයින්ට අපේක්‍ෂකත්වය සඳහා නාමයෝජනා ලබානොදෙන ලෙස දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය මෙරට ස්යළුම දේශපාලන පක්‍ෂ වෙතින් ඉල්ලා සිටී.

මේ අනුව එම කේන්ද්‍රය , මෙවර මැතිවරණය සඳහා තරඟවදින සියලුම පක්‍ෂවල ලේකම්වරුන් වෙත මෙම ඉල්ලීම මේ වනවිට ලිඛිතවම ඉදිරිපත් කර ඇත.

රටේ අනාගතය සුරැකෙන අකාරයේ වඩා බුද්ධිමත් තීරණයක් ගැනීම සඳහා ජන්ද දායකයින් යොමු කරවීමට පක්ෂයේ ලේකම්වරයාට විශේෂ වගකීමක් පැවරී ඇති බවත් එම වගකීම නිවැරදිව ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය , පක්ෂ ලේකම්වරුන් වෙත යොමු කරන ලද ලිපියේ දැක්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පවත්වාගෙන යන මෙම කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වේ .

ශ්‍රීලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිලිබඳ නීතිමය රාමුවට අත්සන් තැබූ රටක් ලෙස දුම්කොළ කර්මාන්තයේ වාණිජ හා වෙනත් අරමුණු වලින් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට බැදී සිටී.

ඒ අනුව දුම්කොළ කර්මාන්තය විසින් මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තීන්ට සිදුකරන මැදිහත්වීම් වැලක්වීමට අදාළ පියවර ගන්න බවට වගබලාගනීමෙන් ජාත්‍යන්තර ලෙස මෙම ගිවිසුම තහවුරු කිරීමට දේශපාලන පක්ෂයක් ලෙස ඔබට වගකීමක් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්