චීනයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 5000ක සහල්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබේ.

නිල වශයෙන් මෙරටට එම සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇත.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති Qi Zhenhong එක්විය.

චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දීමට නියමිතව ඇත.

තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතය.