චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කර ඇත .

ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මහජන චීන බැංකුව අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ දෙපාර්ශ්වයම එකඟ වූ වෙනත් අරමුණු සඳහා යොදා ගැනීම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත .

මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය ලෙස පවතී. 2020 දී චීනයෙන් ආනයනය ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ නිර්දේශය ඇතිව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම හුවමාරු ගිවිසුම අනුමත කර ඇත.

‍මෙම ගිවිසුම යටතේ මහ බැංකුවට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක්හුවමාරු කිරීමේ පහසුකමක් හිමිවේ. මෙම ගිවිසුම වලංගු වන්නේ වසර තුනක් (3) ක කාලයක් සඳහා ය.