නවතම පුවත්

චීනයෙන් හදිසි මානුෂීය ආධාර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශකයෙක් අද(19) ෂින්හුවා පුවත් සේවයට පැවසීය.

“ශ්‍රී ලංකාව චීනයේ මිත්‍ර අසල්වැසියෙක් ,අපිට ශ්‍රී ලංකාව මුහුණදී සිටින උග්‍ර ආර්ථික අර්බුදය පිළිබඳ අවබෝධයක් තියෙනවා ඒ නිසා චීන රජය තීරණය කරලා තියනවා ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට,අපි ලබා දෙන ආධාර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා මග හරවා ගැනීමට උදව්වක් වේවි”යැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශක සූ වෙයි ප්‍රකාශ කළේය.

“අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට මේ තාවකාලික දුෂ්කරතා වලින් ගොඩ එමින් ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වා ගැනීම පුළුවන් වෙයි කියලා” සූ වෙයි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

වර්තමානයේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ,ඉන්ධන සහ විදෙස් සංචිත හිගයකට මුහුණ පා සිටින බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්