චීනයේ ආර්ථික පසුබැස්ම ලෝකයම දෙදරවයි

Picture of අසංක

අසංක

චීනයේ ආර්ථික පසුබැස්ම එරට වෙළෙද හවුල්කරුවන් වෙත ද ඇතිකර ඇත්තේ කම්පනයකි.

මේ තත්වය ඇමෙරිකාව, යුරෝපය මෙන්ම ආසියාවට ද එල්ල කර ඇත්තේ අතිමහත් බලපෑමකි.

විශාල වශයෙන් වන ණය, පමණ ඉක්මවූ ආයෝජන, පුද්ගලික ව්‍යාපාර සදහා එල්ල කරන ලද බාධාවන් ආදී ස්වදේශික දුර්වලතාවන් එරට ආර්ථිකය මන්දගාමී කිරීමට හේතු වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනයේ ආර්ථිකය මෙතරම් අඩු මට්ටමකට පත්වී ඇත්තේ දශක 3කට පසුවයි.

කර්මාන්ත නිෂ්පාදනය කඩාවැටීමත්, ආසියාව, ඇමෙරිකාව හා යුරෝපයේ සමාගම් මිලදී ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් ඒ පසුපස හඹායාම චීන ආර්ථිකයේ පසුබැස්මට බලපෑ කරුණු අතර වේ.