නවතම පුවත්

චීනයේ ශීතකළ චිකන් වින්ග්ස්වලින් කොරෝනා හමුවෙයි

අසංක

අසංක

දකුණුදිග චීනයේ ෂෙන්සෙන් හි බ්‍රසීලයෙන් ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් පියාපත්වල (චිකන් වින්ග්ස්) තිබී නව කොරෝනා වෛරසය හමුවී තිබේ.

ෂෙන්සෙන් හි ලෝන්ගාං දිස්ත්‍රික්කයේ ආනයනික ශීත කළ ආහාර පරික්ෂා කිරීමේදී කුකුළු මස් පියාපත් සමූහයකින් ලබාගත් මතුපිට සාම්පලයක මෙම වෛරසය තිබෙන බවට අනාවරණය වී ඇත.

ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියද වෙළඳ නාමය නම් හෙළිකර නැත.

මෙම තොරතුර වාර්තා වන්නේ චීනයේම තවත් ප්‍රදේශ දෙකක ආනයනික ශීතකළ මුහුදු ආහාර සැකසුම් හා ප්‍රතිඅපනයන කර්මාන්තශාලාවක දී හා තවත් ස්ථානයකදී ආනයනික ශීතකළ ආහාර පැකට්ටුවල කොරෝනා වෛරසය හමුවී ඇති බවට සිද්ධීන් දෙකක් වාර්තා වූ අඅවධියකදී ය.

එහෙත් එම සැකසුම් කළ සේවකයන් හෝ එම ආහාරවල වෛරසය හමුවී නැත. කෙසේවෙතත් වෛරසය හමුවූ කර්මාන්තශාලාවල සේවකයන් නිරෝධායනයට යොමුකර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ආහාර මගින් වෛරසය ග්‍රහණය කර ගැනීමේ හැකියාව අඩු බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්