නවතම පුවත්

මෛත්‍රී ‘අග්‍රඵලය’ ගන්න නිහඬව බලාහිඳී

අසංක

අසංක

වත්මන් ආණ්ඩුවේ මෙතෙක් කිසිදු ඇමතිකමක් නොලද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල සමාජ ජාල ගිණුමක මෙසේ සටහන් කර ඇත.

“වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි”

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මහමැතිවරණයේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිප මනාප ලබාගනිමින් ජයගත්තේය.

ආණ්ඩුව ගැසට් කළ පරිදි කැබිනට් අමාත්‍ය ධූර 28ක් හා රාජ්‍ය අමාත්‍ය ධූර 39ක් මේ වනවිට පිරිනමා ඇතත් ඒ කිසිදු තනතුරක්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිත්වයක් හෝ වෙනත් ආණ්ඩුවේ තනතුරක් මෙතෙක් මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා නැත.

පාර්ලිමේන්තුවට කථානායක හා නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීමට නියමිතව  ඇති අතර ලබන 20 වැනිදා එම පත්කිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්