චීනය තුළ COVID-19 නැතහොත් නව කොරෝනා වෛරසය අලුතින් වැළදීම පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ඇත.
එම වෛරසයෙන් මිය යන සංඛ්‍යාව ද ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වාදේ.
කෙසේ වෙතත් වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 1665 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට චීනය තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 68,500ක් වාර්තා වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටි.
ඊයේ දින සිට චීනයේ මුදල් නෝට්ටු පවා ජීවානුහරණය කිරීමට චීන මහ බැංකුව පියවර ගෙන ඇති බව වාර්තාවේ.