නවතම පුවත්

ෆේස්බුක් ජාලයේ භාෂණයේ නිදහසට සැලකියයුතු දේ සමාගම තීරණය කරන්නේ නෑ – මාර්ක් සකර්බර්ග්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ෆේස්බුක් ජාලයේ හානිකර අන්තර්ගතයන් වැඩි වශයෙන් නියාමනය කරන ලෙස ඉල්ලා සිටියාත් නීත්‍යනුකූලව භාෂණයේ නිදහස ලෙස සැලකිය යුතු දේ තීරණය කිරීම තමා වැනි සමාගම් විසින් තීරණය කරන්නක් නොවන බව ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් ඇතැම් රටවල් විසින් සමාජජාල මාධ්‍ය අධික ලෙස පාලනය කිරීම පුද්ගල භාෂණයේ නිදහස අඩාල කිරීමක් බවටද පැවසීය ඔහු මේ බව කියා සිටියේ ජර්මනියේ මියුනිච් ආරක්ෂක සමුළුව අමතමිනි.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය දැවැන්තයින් මේ වනවිට අසත්‍ය තොරතුරු පැතිරීම නැවැත්වීම සම්බන්ධයෙන් වැඩි පීඩනයකට ලක්ව සිටි., පසුගිය කාලයේම විශේෂයෙන් ෆේස්බුක් හී දේශපාලන වෙළෙඳ දැන්වීම් පලකිරිම පිළිබඳ ප්‍රතිපත්තිය විවිධ පාර්ශව දැඩි ලෙස විවේචනය කර තිබේ.

ෆේස්බුක් සමාගම 2018 දී එක්සත් ජනපදයේ සහ 2019 වසරේ ගෝලීය වශයෙන් දේශපාලන වෙළෙඳ දැන්වීම් සඳහා නව ප්‍රතිපත්ති දියත් කල අතර මෙම නීතිවලට දේශපාලන දැන්වීම් අවශ්‍ය වන්නේ කවුද ඒ සඳහා මුදල් ගෙවා ඇත්තේ කවුරුන්ද යන්න පෙන්වන අතර වෙළෙඳ දැන්වීමේ පිටපතක් ප්‍රසිද්ධියේ සෙවිය හැකි දත්ත ගබඩාවල වසර හතක් තබන බවද සමාගම නිවේදනය කලේය.

නමුත් මේ සතියේ ෆේස්බුක් කියා සිටියේ සමාජ මාධ්‍ය අතිශය ප්‍රසිද්ධ පුද්ගයන් සහ කණ්ඩායම් විසින් අනුග්‍රහය දක්වන දේශපාලන පලකිරිම් (පෝස්ට්) සිය දත්ත ගබඩාවට ඇතුළත් නොකරන බවයි. එමෙන්ම සමාගමේ භාෂණයේ නිදහස සම්බන්ධ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දේශපාලන පෝස්ට්වල දත්ත නිවැරදි බව තහවුරු කරගැනීමේ පරීක්ෂාවක් සෑම විටම සිදු නොවන බවද ඔවුන් කියයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි