චීනය ලෝක ආරක්ෂාවට සහ අන්තර්ජාතික සාමයට තර්ජනයක් බව බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙන නේටෝ සමුළුවේදී ප්‍රකාශයට පත්කර ඇත
ඒ අනුව 2021 නේටෝ සමුළුවේ අවසන් නිවේදනයේ දක්වා ඇත්තේ ලෝක ආරක්ෂාවට එල්ල වී ඇති නවතම තර්ජනය ලෙසින් චීනය හඳුනාගන්න බවයි .
”චීනය විසින් ප්‍රකාශ කර ඇති අපේක්ෂාවන් සහ ඔවුන් පෙන්වන හැසිරීම විසින් අන්තර්ජාතික සාමය ට ක්‍රමානුකූල අභියෝග එල්ල වෙමින් තිබෙන බව’ එහි දැක්වේ.
ඒ අනුව ඔවුන් නව ඇමරිකානු පාලනයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.
තවද ෂින්ජියැන් හි උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය, න්‍යෂ්ටික අවි වැඩි දියුණු කිරීමේ උත්සාහයන් සහ ” වැඩි වැඩියෙන් දක්නට ලැබෙන විනිවිදභාවයේ සහ සාවද්‍ය තොරතුරු භාවිතා කිරීමේ ප්‍රවණතාවය’ ගැන ද මෙම නිවේදනයේ දක්වා ඇත..
චීනයේ කෙමෙන් වැඩිවන බලය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බව මෙහිදී නේටෝ නායකයන්ගේ අදහස වී ඇත.
සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත නේටෝ රටවල්, පසුගිය වසර දක්වාම කටයුතු කළේ රුසියාව කෙරෙහි කේන්ද්‍රීය අවධානයක් යොමු කරමිනි.