නවතම පුවත්

චීනය ලෝක ආරක්ෂාවට තර්ජනයක් – නේටෝව අනතුරු අඟවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය ලෝක ආරක්ෂාවට සහ අන්තර්ජාතික සාමයට තර්ජනයක් බව බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙන නේ‌ටෝ සමුළුවේදී ප්‍රකාශයට පත්කර ඇත

ඒ අනුව  2021 නේටෝ සමුළුවේ අවසන් නිවේදනයේ දක්වා ඇත්තේ   ලෝක ආරක්ෂාවට එල්ල වී ඇති නවතම තර්ජනය ලෙසින්  චීනය හඳුනාගන්න බවයි .

”චීනය විසින් ප්‍රකාශ කර ඇති අපේක්ෂාවන් සහ ඔවුන් පෙන්වන හැසිරීම විසින් අන්තර්ජාතික සාමය ට ක්‍රමානුකූල අභියෝග එල්ල වෙමින් තිබෙන බව’ එහි දැක්වේ.

ඒ අනුව ඔවුන් නව ඇමරිකානු පාලනයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.

තවද ෂින්ජියැන් හි උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය, න්‍යෂ්ටික අවි වැඩි දියුණු කිරීමේ උත්සාහයන් සහ ” වැඩි වැඩියෙන් දක්නට ලැබෙන විනිවිදභාවයේ සහ සාවද්‍ය තොරතුරු භාවිතා කිරීමේ ප්‍රවණතාවය’ ගැන ද මෙම නිවේදනයේ  දක්වා ඇත..

චීනයේ කෙමෙන් වැඩිවන බලය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බව මෙහිදී  නේටෝ නායකයන්ගේ අදහස වී ඇත.

සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත නේටෝ රටවල්, පසුගිය වසර දක්වාම කටයුතු කළේ රුසියාව කෙරෙහි කේන්ද්‍රීය අවධානයක් යොමු කරමිනි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්