නවතම පුවත්

චීන කොවිඩ් එන්නත් සඳහා ලොව පුරා රටවල් 70 ක අනුමැතිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් මේ වනවිට ලොව පුරා රටවල් 70  කට අධික සංඛ්‍යාවක  භාවිතා කෙරෙමින් පවතින බවත්  ගෝලීය  කොවිඩ් උවදුර මැඩලීම සඳහා  එන්නත් බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට තම රජය සූදානම් බවත්  චීන  විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමකට අනුව මේ වනවිට ලොව පුරා සාම සාධක හමුදා ඒකක සඳහාද කොවිඩ් එන්නත් ලබාදීමට තම රජය පියවර ගෙන  ඇති  බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක  සාඕ ලී ජියැන් ( Zhao Lijian)  මහතා සඳහන් කර ඇත .

යුරෝපාකරයේ  රටවල්මේ පවා  වනවිට චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත්  තුනක්ම  ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවත්  සිනොෆාම් , කැන්සිනෝ හා සිනෝවැක්  එන්නට් සඳහා මෙසේ ඉල්ලුම් ලැබී ඇති බවත් ඒ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

කොවිඩ් එන්නත් ආධාර වැඩසටහන් යටතේ ,  දියුණු වෙමින් පවතින 69කට තම රජය නොමිලයේම කොවිඩ් එන්නත් තොග ලබාදීමට පියවර ගෙන ඇතිබවද  ඒ මහතා පැවසීය .

එසේම දැනට රටවල් 43ක් පමණ චීන එන්නත් ආනයනය ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසී ය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්