නවතම පුවත්

චීන ජනපති කථානායකවරයා හමු වෙයි.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (26) පැරිස් නුවර එරට ජාතික සභාවේ කථානායක Richard Ferrand මහතා හමු විය.
චීන ප්‍රංශ සබඳතාව නිවැරදි ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ගෙන යමින් පවතින බවත් පෙරට වඩා සමීප, ස්ථාවර මෙන්ම ඵලදායික බවට පත්ව ඇති බවත් ෂී ජින් පිං මහතා පැවසීය. ප්‍රංශය සමඟ පවතින සාම්ප්‍රදායික සහයෝගතා තහවුරු කරන අතරතුර අලුතින් බිහි වන ක්ෂේත්‍ර වලදීත් සහයෝගතා පුළුල් කර ගැනීමට චීනය කැමැත්තෙන් පසු වන බව හෙතෙම අවධාරණය කළේය. 

ප්‍රංශ ජාතික සභාවට පැමිණි චීන ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළි ගන්නා බව Richard Ferrand මහතා ප්‍රකාශ කළේය. චීනයේ පළමුවැනි නායක පරම්පරාව හා ප්‍රංශය අතර අගනා ‍ඓතිහාසික මූලාරම්භයක් පැවති බවත් එය ප්‍රංශයට ආඩම්බරයක් බවත් හෙතෙම සඳහන් කළේය. ප්‍රංශ චීන මිතුදම ගැඹුරු කරමින් විවිධ ක්ෂේත්‍ර වල මිත්‍රශීලි සහයෝගතා සම්ප්‍රදාය තවදුරටත් පැතිර යාම සඳහා දායක වීමට ප්‍රංශ ජාතික සභාව සූදානමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය .
ඉන් අනතුරුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් නුවර සෙනෙට් මණ්ඩලයේ කථානායක Gérard Lurcher මහතා ද හමු විය. ප්‍රංශ සෙනෙට් මණ්ඩලයට පැමිණීම උ‍ද්‍යයෝගයෙන් පිළි ගන්නා බව හෙතෙම පැවසීය. විශිෂ්ට රටක් මෙන්ම විශිෂ්ට ශිෂ්ථාටාරයක් පිළි ගන්නා සේ චීන ජනාධිපතිවරයා පිළි ගන්නා බව Gérard Lurcher ප්‍රකාශ කළේය. ප්‍රංශ චීන සහ‍යෝගතා පුළුල් කිරීම සඳහා චීනය සමග සමීප ලෙස සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රංශයේ අපේක්ෂාවක් බව ද හෙතෙම පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා