නවතම පුවත්

චීන පර්යේෂණ නැවක් ගැන ඉන්දියාව කනස්සල්ලෙන්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන පර්යේෂණ නෞකාවක් ලබන ඔක්තෝබර් මාසයේ දී කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට ඇති සූදානම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර තිබේ.

‘ෂී යෑන් සික්ස්‘ නම් චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම නෞකාව නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත බව හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

කෙසේවෙතත් එම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අනුමැතියක් ලබා දී නොමැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ටොන් 3,999ක බරකින් යුතු ‘ෂී යෑන් සික්ස්‘ නෞකාව චීනයේ ගුවැන්ෂු ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර ඇති අතර එය මේ වන විට දකුණු චීන මුහුදේ දකුණු දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා නියෝජිතයාතනය හෙවත් නාරා ආයතනයට අනුබද්ධ පර්යේෂකයින් විසින් මෙම චීන නෞකාවෙන් විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට සූදානම් බවත් දකුණු ඉන්දියානු සාගර කලාපය ඇතුළත් පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් හින්දුස්තාන් ටයිම්ස් වාර්තාව පෙන්වාදී තිබේ.

කෙසේවෙතත් සමුද්‍ර ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින්, චීන පර්යේෂණ නෞකාවේ පැමිණීම පිළිබඳව ඉන්දීය රජය කනස්සල්ල පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ද හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් චීනයට අයත් යුද නෞකාවක් පසුගිය 10 වනදා ද මෙරටට පැමිණ තිබූ අතර එය ඊයේ (12) දිනයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

2022 වසරේ අගෝස්තු මාසයේ දී චීනයට අයත් ‘යුවාන් වෑන්ග් ෆයිව්‘  නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබූ අවස්ථවේ දී ද ඉන්දියාවේ විරෝධය පළ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්