නවතම පුවත්

චීන පොහොර තොගයේ අහිතකර කිසිවක් නැහැ – පර්යේෂණයකින් අනාවරණයවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික ශාක නිරෝධායන ආයතනය මඟින් අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ප‍්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ එබදු අහිතකර බැක්ටීරියා කිසාවක් නැති බව, තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කර ඇත.

Schutter Global Inspection and Survey Company නම් ආයතනය මෙම සහතිකය ලබා දී ඇති බවට වාර්තාවේ .

එම වාර්තාවට අනුව ඔවුන් පරීක්ෂා කරන ලද සාම්පලයේ සල්මනෙල්ලා, කෝලිෆෝම් හෝ වෙනත් අහිතකර බැක්ටීරියා කිසිවක් අඩංගු නැති බව තහවුරු කර ඇත.

ISO 4832-2006  තත්ත්ව සහතික ප්‍රමිතිය   අනුව මෙම  පරීක්ෂණ සිදු කර ඇති බවද දක්වා තිබේ.

කෙසේවෙතත් මෙරට ජාතික ශාක නිරෝධායන ආයතන විසින් මෙම පොහොර තොගය භාවිතයට නුසුදුසු බව ප්‍රකාශ කර තිබෙන අතර එම ප්‍රතික්ෂේප කිරීම චීනය දිගින් දිගටම බැහැර කරමින් සිටියේය.

කෙසේවෙතත් පොහොර සාම්පල තෙවන පාර්ශ්වයකට ලබා දී පරීක්ෂා නොකරන බවත්, නැව ආපසු හරවා යවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබුණු අතර ඊයේ දිනය වන විටත් ආණ්ඩු පාර්ශවයෙන් අවධාරණය කළේ එම පොහොර තිගය මෙරටට ඇතුල් කර නොගන්නා බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්