නවතම පුවත්

නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු ටෙන්ඩර් අවලංගුවුයේ මෙහෙමයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ලබා ගැනීමේ ටෙන්ඩර් දෙකක් හදිසියේ අවලංගු වී ඇත .

රට තුළ පවතින ඩොලර් ප්‍රශ්ණය මීට හේතු වී ඇති බව වාර්තාවන අතර . අදාල පාර්ශවයන් විසින් මෙරට සමග ණයවර ලිපි විවෘත කිරීමේ අවිනිෂ්චිත භාවය පෙන්නුම් කර ඇති බවද දැනගන්නට ඇත . එමෙන්ම ගල්අගුරු වෙනුවෙන් අත්පිට මුදල් ඉල්ලා ඇති බවටද තොරතුරු වාර්තාවේ

වාර්ෂිකව මෙරට ගල්අගුරු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් මිලියන 2.3ක්. ඉන් සියයට 50ක් දිගු කාලීන සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා අතර ඉතිරි සියයට 50 සම්පූර්ණ කර ගන්නේ ක්ෂණික මිලදී ගැනීම්වලින්. අවලංගු කර ඇති ටෙන්ඩර් 02 හරහා මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කළ ගල් අගුරු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 06ක්. ඒවා ලක්ෂ 03 බැගින් නැව් 10කින් මෙරටට ලබා ගැනීමටයි නියමිතව තිබින

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ගල් අගුරු අවශ්‍යතාව ඔක්තොම්බර් මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ සම්පූර්ණ කෙරෙන අතර  ඒ අනුව දින 05කට වරක් මෙටි්‍රක් ටොන් 60,000 බැගින් මෙරටට ගල් අගුරු රැගෙන ඒම සිදුවේ

කෙසේවෙතත්  මේ වසරට ප්‍රමාණවත් ගල් අගුරු තොග මේ වන විටත් රට තුළ ඇති අතර . එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 06ක්.වේ. ඒ අනුව ගල් අගුරු ටෙන්ඩර් අවලංගු වීම හේතුවෙන් ගැටලුවක් මතු වුවහොත් එහි බලපෑම ඇත්තේ ලබන වසරේ විදුලි උත්පාදනය සඳහායි.

ඒ අනුව  ලංකා විදුලි බල මණ්ඩලයෙ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ මහතා මාධ්‍ය වෙත පවසන්නේ  ගල් අගුරු ටෙන්ඩර් අවලංගු වී ඇතත් අඛණ්ඩව විදුලි සැපයුම් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව කෙසේ හෝ විදුලි කප්පාදුවක් සිදු නොකර පාරිභෝගිකයින්ට විදුලිය ලබා දෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ වැඩිදුරටත් මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්