චීන භාෂාවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ඊ වීසා ඉල්ලුම් කරන චීන සංචාරකයින්ට ඇශ්රී ලංකා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍ර අයදුම්පත් පද්ධතියේ චීන අනුවාදයක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී. “මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය නංවාලීමට ඉවහල් වනු ඇති බව ද ” අමාත්ය්නාශය සඳහන් කර සිටී.