නවතම පුවත්

චීන-ලංකා සබඳතා ගැන ජනපති ඉන්දියාවේ බය අරී

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

චීනය සමග ඇති සබඳතා සම්බන්ධයෙන් කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා හමුවේ ඊයේ (05) පවසා තිබේ. චීන-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාට පැහැදිලි කරමින් සහතික වී ඇත්තේ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදාගැනීමට ඉඩ නොතබන බවයි.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාාව විසින් එකගතාවන්ට එළඹ ද්විපාර්ශවීයව ගනු ලබන තීරණ පිළිබඳ දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වාසි අවාසි පැහැදිළි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියාකිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමග ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 60 – 70 දශකවල පැවැති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කරුණු දීර්ඝව පැහැදිළි කරමින් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙ.

ඉන්දියන් සාගරයේ සාම කලාපයක් බවට පත් කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 වසරේ කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙ

ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබෙනවා. ඒසඳහා ඉන්දීය අයෝජකයින්ට ද විවෘතව ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙ

ත්‍රීකුණාමලය තෙල් ටැංකි පිළිබඳ පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයා වෙත පවරා ඇති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

මේ අතර මෙරට සිව් දින නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි