නවතම පුවත්

ඡන්දෙ කාලෙට මැතිවරණ නිලධාරීන්ට පොලිස් බලතල

අසංක

අසංක

සටහන – ගයාන් කුමාර වීරසිංහ

ඉදිරි ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී මැතිවරණ නීති උල්ලං­ඝ­නය කර­මින් ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලට සම්බන්ධ වන දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ආධා­ර­ක­රු­වන්ට එරෙ­හිව මැති­ව­රණ පන­තින් හැකි තාක් නඩු පැව­රී­මට අවශ්‍ය පිය­වර ගැනී­මට අව­ධා­නය යොමුව ඇතැයි මැති­ව­රණ කොමි­සම පවසයි.

ඉදි­රි­යේදී මැති­ව­රණ කොමි­සම රැස් වී මීට අදාළ තීන්දු ගනු ඇති බවත්, මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බ­න්ධ­යෙන් ක්ෂණි­කව ක්‍රියා­ත්මක වීමට විශේෂ අංශ­යක් පවා මේ වන විට මැති­ව­රණ මහ ලේකම් කාර්යා­ලයේ ස්ථාපිත කර ඇති බවත් එම කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මැති­ව­රණ පන­තින් යම් පුද්ග­ල­යකු දඬු­ව­ම­කට යටත් වුව හොත් ඡන්ද අයි­තිය අහිමි කිරීම ඇතුළු ප්‍රජා අයි­තීන් අහෝසි කිරී­මට හැකි­යා­වක් පවතී.

මෙවැනි තත්ත්වයකදී මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කරන සහ ප්‍රචණ්ඩ ක්‍රියා­වල නිරත වන අයට එරෙ­හිව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මට මෙන්ම නීතිය ක්‍රියා­ත්මක කිරී­මට සහ­කාර සහ අති­රේක මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රුන්ට ‘සාම නිල­ධාරී’ බලය ලබා­ගැ­නී­මට අවශ්‍ය පිය­වර මේ වන විට ගනි­මින් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්