නවතම පුවත්

ඡන්දෙ තියන්න බැරිවෙන හේතු අධිකරණයට කියන්න කොමිසම ලෑස්තියි

අසංක

අසංක

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුවී තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කරයි.

මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණි.

එබැවින් මතුවී ඇති තත්ත්වය මත එම කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව කොමිසම පවසා තිබේ.

මුදල් අමාත්‍යාංශය මගින් මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමම කියාසිටී.

එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මගින් දැනුවත් කිරීමට නියමිතය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම මේ මොහොතේ දුෂ්කර කටයුත්තක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඊයේ (17) සඳහන් කර තිබුණි.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මියද සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් එම කටයුතු ද මේ වනවිට ඇණහිට ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්