නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය ගිවිසුමක් ළඟදීම !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඔවුන්ගේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මේ ප්‍රධාන කොටසක් රැඳී ඇත්තේ දිවයිනේ උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම මත වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශසීමා සම්ප්‍රේෂණ කේබලයක් හරහා දකුණු ඉන්දියාවට විදුලිය ප්‍රවාහනය කළ හැකියාව පවතින බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මිලින්ද මොරගොඩ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“අපට වැඩි වශයෙන් විදේශ විනිමය ලබා ගැනීමේ මූලාශ්‍ර තිබිය යුතුයි. විදුලිය ඒ සඳහා ඉතා වැදගත් මාර්ගයක්.

අපට වර්ධනයක් තිබිය යුතුයි, එසේ නොවුවහොත් මූලික වශයෙන් ආර්ථිකය තවදුරටත් සංකෝචනය වීම වළක්වන්න බැරි වේවි.“

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි