ඡන්ද පත්‍රිකා මුුද්‍රණය කරන කාල සීමාවේ ආරක්ෂාවට පොලීසිය ඉල්ලා මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර ඇත.
ඇය මෙම ලිපියෙන් ඉල්ලා ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන දිවා කාලයේදී පොලිස් නිලධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරීන් 28 දෙනෙකු වශයෙන් ආරක්ෂාවක් ලබාදෙන ලෙසය.
මෙයට පෙරත් පොලිස්පතිවරයාගෙන් ඇය විසින් ආරක්ෂකාවක් ඉල්ලා සිටි අතර එහිදී පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී අවශ්‍ය ආරක්ෂාව ඉල්ලා සිටින්නේ නම් එම අවස්ථාවේදී ආරක්ෂාව ලබාදීමට හැකියාව ඇති බවය.