නවතම පුවත්

ජගත් මානව හිමිකම් කවුන්සිලය කරුණා ගැන තවත් විමර්ශනයක් ඉල්ලයි

අසංක

අසංක

රජයේ හිටපු අමාත්‍යවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා එල්ටීටීඊයේ හිටපු අණදෙන නිලධාරියකු ලෙස කරන ලද අතීත අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කරයි.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් එල්ටීටීඊය විසින් ළමා සොල්දාදුවන් තොග වශයෙන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ඔහු පිළිබඳ විමර්ශනය කළ යුතු බව එම කවුන්සිලය පෙන්වා දෙයි.

වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවිය යුතු බව එම කවුන්සිලය කියාසිටී.

තමා එල්ටීටීඊයේ සාමාජිකයුව සිටි සමයේදී අලිමංකඩ දී හමුදා සෙබළු 2000ක් 3000ක් පමණ ඝාතනය කළ බව පසුගිය දා දිගාමඬුල්ලේ දේශපාලන වේදිකාවක ඔහු පවසා තිබුණි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට ප්‍රකාශයක් දෙමින් කරුණා අම්මාන් පවසා ඇත්තේ ‘මම’ නොව ‘අපි’ එම ඝාතන කළ බව තමා පැවසූ බවයි.

එමෙන්ම අලිමංකඩ ත්‍රස්ත මෙහෙයුමට නායකත්වය දුන්නේ තමා නොව මියගිය භානු නැමැති කොටි නායකයා බවත් ඔහු පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්