නවතම පුවත්

ජනපතිගේ පෞද්ගලික ඉල්ලීමට ජපානයෙන් තවත් ඇස්ට්‍රාසෙනෙකා ලක්ෂ 14ක් දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිඅ‍ාරච්චි‍

තවත් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කර ඇත.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණි.

එම එන්නත් තොගය ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්