නවතම පුවත්

රටපුරා ගුරුවරුන්ට කොවිඩ් දෙවන මාත්‍රාවත් මේ මාසයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* 88%කට පළමු එන්නත දී අවසන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාසල් යළි ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් ගුරු විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රට පුරා 88%ක් පළමු එන්නත් ලබාදී අවසන් බවත් මේ මාසය අවසානයේ එහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතා පවසයි.

මේ වනවිට බස්නාහිර 98%  ඌව 95% මධ්‍යම 84%  වයඹ 84% උතුරු මැද පළාතේ් 83% දකුණු පළාතේ 83% උතුර 82% නැ‍ෙඟනහිර 74% සබරගමුව 52% ආදි වශයෙන් ගුරු විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත්කරණය කර තිබෛන බව අමාත්‍යවරයා කීය.

“පාසල් යළි පටන් ගැනීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක්. එහිදී පාසල් පටන් ගන්නා පළමු පියවර ලෙස ගුරු විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට 88%ක් අවසන් කර තිබෙනවා. සියලු රාජ්‍ය නිලධාරීන් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරි කරන්න රජය නියෝග කර තිබෙනවා. ඉතින් මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස ආයාචනා කරනවා ගුරු භවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට පාසල්වලට ගිහින් පෙර සූදානම් වීමේ කටයුතු කරන්න කියා” යැයි අමාත්‍යවරයා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා