ජනපතිවරණය අවලංගු කරන්න ඉල්ලූ පෙත්සම ඉවතට

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

විජිත් මලල්ගොඩ, පී. පද්මන් සුරසේන හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ එය තවදුරටත් පවත්වා ගෙන යාමට අපේක්ෂා නොකරන බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.