පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් විශාල පිරිසක් එකවර මාරු කිරීම ජනපති අණින් නවතා දැමුණ ද එය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම තුළ දැඩි කතාබහක් මතුව තිබේ.
එවන් පසුබිමක පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුගේ මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය යොමුව ඇතැයි සඳහන් ය.
ඒ අනුව බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා රත්නපුරයට මාරු කිරීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ අපරාධ කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා බණ්ඩාරවෙලට මාරුකිරීමට අවධානය යොමුව ඇත.