නවතම පුවත්

ජනපති අපේක්ෂකයන් හෙට සිට රජයේ නාලිකාවල

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණයට තරඟ කරන සියලුම අපේක්ෂකයින් හට හෙට (15) සිට ජාතික රුපවාහිනීය හා ගුවන් විදුලිය හරහා තම අදහස් දැක්වීමට කාලය ලබාදීමට එම ආයතන කටයුතු යොදා ඇත.

ඒ අනුව ජනාධිපතිවරණ පනත මඟින් දක්වා ඇති අන්දමට මේ සඳහා එක අපේක්ෂකයෙකුට විනාඩි 15ක් බැඟින් අවස්ථා 03කදී සිය අදහස් ජාතික රූපවාහිනියෙන් හා ගුවන්විදුලි සංස්ථාව මඟින් ප්‍රචාරණය කරවා ගත හැකියි.

එහෙත්, මෙහි දී වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන අයුරින් කතා කිරීම, වෛරී සහගත ප්‍රකාශ කිරීම, තම කතාව වෙනත් කෙනකු ලවා කරවීම සම්පුර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත

සෑම අපේක්ෂකයෙකුම ඔවුන්ගේ කතා විකාශය වීමට නියමිත වේලාවට වඩා පැය 03කට කලින් පටිගත කළ යුතු වන අතර පිටතින් පටිගත කරගෙන එන කතා පැය 24කට පෙර අදාළ සංස්ථා වලට භාර දිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්