ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව ජනාධිපතිධුර අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන්ට මෙසේ විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බවද වාර්තාවේ
පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නව ආරක්ශක සම්බන්ධිකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇත,
ඒඅනුව එම අපේක්ෂකයින් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරිමට පියවරගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සඳහන් කළේය.