එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා මධ්‍යම කාරක සභාව එක්ව විශේෂ රැස්වීමක් පැවැත්විය යුතු බවට එම පක්ෂය තුලින්ම මේ වනවිට යෝජනාවක් මතුව ඇත.
එම යෝජනාව සඳහා අදාළ මැති ඇමතිවරුන්ගේ කැමැත්ත ලබාගැනීම වෙනුවෙන් දැනටමත් ඔවුන් වෙත ලිපි යොමු කිරීමේ හා අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙලක්ද පක්ෂය විසින් ආරම්භ කර ඇත.
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම පිලිබඳ යම් තීන්දු තීරණයන් ගැනීම, එජාප මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එකට රැස්වී පැවැත්වීමට යෝජිත මෙම විශේෂ රැස්වීමේ අරමුණ වී ඇත.