නවතම පුවත්

‘ජනපති ගෝඨාභයගේ හඬපට මා ළඟ නෑ’- රන්ජන්

අසංක

අසංක

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හඬ පට එකක්වත් මා ළඟ නෑ බොරු කියන්න ඕන නෑ නේ. හැබැයි මහින්ද මහත්තයාගේ හයක් හතක් තියෙනවා. මට බැනපු ඒවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කරන විශේෂ ප්‍රකාශයේ සඳහන් වේ.

“වැඩේ ගැන සදාචාරාත්මක certificate මට කාගෙන්වත් ඕන නැහැ. මට ඕන කළේ ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න. නමුත් හොරු ආණ්ඩුව ඇල්ලුවා. හොරු ගැන කියන්න හැම වෙලාවෙම සාක්ෂි ඉල්ලුවා ඉතින් සාක්ෂි කෝ ඒකට තමයි මම ඕවා ඔක්කොම පටිගත කළේ. මෙහේ විතරක් නෙවෙයි ලංකාවෙන් පිටත් අවශ්‍ය තැන්වල මේ හඬ පටිවල පිටපත් හාඩ් ඩිස්ක්වල මම දාලා තියෙනවා මම මැරුණත් ඒවා එළියට ඒවි. මේ සේරම මම කළේ 2015 හොරු අල්ලනවා කිව්ව ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න ඕන නිසයි. අනිවාර්යයෙන්ම මේකට කොමිසමක් දාන්න මම එනවා කොමිසමට ” යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු තවදුරටත් මැති සබයේ විශේෂ ප්‍රකාශය සිදුකරමින් සිටියි.

මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කළේ හඬ පට සියල්ල සභාගත කිරීමෙන් අනතුරුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්