නවතම පුවත්

ජනපති තෝරන ඡන්ද විමසීම අවසන් – පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව පැවති ඡන්ද විමසීම අවසන් වෙයි.

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණ.

අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්වුණේ පැයක අතිරේක කාලයක් ද මෙවර ඡන්ද විමසීමට ලබාදෙමිනි.

මෙවර ජනාධිපතිවරණයේදී , සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.

පසුවරු 6ට පෙර ඡන්ද ගණන් කිරීම ආරම්භ වන අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කර තිබේ.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේ ආරක්ෂාවට 25000ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇත.

පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර තිබුණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබෙන සැනින් නිකුත් කිරීමට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ සූදානම්ව සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්