ජනපති දිවුරුමට රුවන්වැලි සෑ මළුව සූදානම්

Picture of අසංක

අසංක

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් හෝරාවකින් අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීම වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දිවුරුම් දීමට ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑය වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව ඇත.

දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන් වැලි සෑ මහ මළුවේදීම ජාතිය ඇමතීමට නියමිතය.

මෙරට 5 වන විධායක ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙන මොහොතක සිය බාල සොයුරා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම ද සුවිශේෂී මෙන්ම ඓතිහාසික සිදුවීමක් ද වේ.

සේයාරූ – උමංග බණ්ඩාර