ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබන 26 වැනි දිනෙන් පසු ඕනෑම අවස්ථාවක මිලදී ගැනීමේ හැකියාව මෙරට සතුවන බව කොරෝනා එන්නත මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන කමිටුවේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මාධ්‍ය වෙත අද පැවසීය .
ඒ අනුව ඉතා කඩිනමින් එම එන්නත මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද වීරතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය ..
එළඹෙන 16 වැනිදා සිට ඉන්දියානුවන් වෙත එම එන්නත ලබාදීමට එරට රජය සලසුම් කර ඇති අතර ඉන්දීය ජනරජ දිනය වන ජනවාරි 26 වැනිදා සිට ඉන්දියාවෙ නිෂ්පාදනය කරන මෙම එන්නත වෙනත් රටවලට අලෙවි කිරීම ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත .
.