ජනාධිපතිවරණයට 20ක් ඇප තියලා

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ.එස්.පී. ලියනගේ මහතා, ස්වාධීන අපේක්ෂකයන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක වඩිගමංගාව, සමරවීර වීරවර්ධන යන මහත්වරුන් අද දිනයේ ඇප තැන්පත් කර ඇත.

ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් හා ස්වාධීන අපේක්ෂකයන් 9ක් වශයෙන් 20දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.

කෙසේවෙතත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා වන , එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස, හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන දැනට අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්වූ අපේක්ෂකයන්ද දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කතාබහට ලක්වී සිටින ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද මෙතෙක් ඇප තැන්පත් කර නැත.