නවතම පුවත්

ජනාධිපති ඉන්දියාවේ නිල සංචාරයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මැතිනිය හමු වනු ඇත. තවද ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමු වී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්