නවතම පුවත්

ජපන් ආයෝජකයින්ගේ අවධානය යලි ශ්‍රී ලංකාව වෙත !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමය හමුවේ ජපන් ආයෝජකයන් තවදුරටත් ආයෝජනයට උනන්දුව පළ කරයි

ශ්‍රි ලංකා ජපන් තනාපති කාර්යාලයේ උප ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ප්‍රමුඛ ජපාන ආයෝජකයන් කණ්ඩායමක් පසුගිය දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේදී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය මුණ ගැසුණි.

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර වශයෙන් තම ප්‍රතිරූපය ගොඩනැගීමට හේතු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනාවත් ඒ හා සමගාමිව ජපාන ආයෝජකයන් ශ්‍රි ලංකාව තුල නැවත ආයෝජන කිරීමටත් මේ වන විටත් ආයෝජනය කර ඇති ආයෝජකයන් තවදුරටත් ආයෝජන කටයුතු ඉදිරියට ගෙන යාම බලාපොරොත්තුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙහිදි ඉතා පුළුල් ක්ෂේත්‍රයන් පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ අනුව, සංචාරක ව්‍යාපාරය, හෝටල් ව්‍යාපාරය, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, බෙහෙත් වර්ග නිෂ්පාදනය සහ මහල් නිවාස, දේපල හා ඉඩකඩම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාව ආයෝජකයන් රට තුලට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කරන මූලික නීතීන් සහ ප්‍රතිපත්තින් ආයෝජකයා හට රටතුල නව ආයෝජන කටයුතු පහසුවෙන් ගෙන යාම සදහා අවශ්‍ය කරන නිති සම්පාදනයන් මේ වන විට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමය මගින් ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය ඉහලට යන බැවින් මෙය ආයෝජනයට කදිම අවස්ථාවක් වන බවයි.

ශ්‍රි ලංකාව ජපානය අතර ඇති දීර්ඝකාලින මිත්‍රත්වය සහ ඔවුන් මේ වන විටත් රටතුල සිදුකර ඇති අධි තාක්ෂණ ආයෝජනයන් පිළිබද ස්තුතිය ප්‍රකාශ කලේය.

මෙයට අමතරව රාජ්‍ය ඇමතිවරයා ජපාන ආයෝජකයන්ට පැවසුවේ ශ්‍රි ලාංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව ආයෝජන කලාප 5ක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත් මෙයට අමතරව පුද්ගලික අංශය විසින් පාලනය කරනු ලබන ආයෝජන කලාප ඇති කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කරනු ලබන බවයි.

මේ අතර, ආයෝජකයන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවේ ආයෝජකයන්ගේ සියලුම ආයෝජන කටයුතු කර ගැනිම සදහා ආයෝජකයන් සදහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් (IFC) පිහිටුවා ඇති බවයි. එමගින් ආයෝජකයන්ට අවශ්‍ය කරන සියලු අනුමත කිරීම් ඇතුලු දෑ එක වහලක් යට සිදුකර ගත හැකි බවයි. සෑම ආයෝජකයෙකුටම එක් නිළධාරියෙක් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් අනුයුක්ත කරනු ලබන අතර එම නිළධාරියා අදාල ව්‍යාපෘතීන් අවසානය තෙක්ම ආයෝජකයාට අවශ්‍ය සහයෝගය ලබාදීමෙන් පහසුකම් සපයනු ඇතැයි ඇය තවදුරටත් ප්‍රකාශ කලාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්